Home / බොලිවුඩ් ගොසිප් / සල්මන් දැකගන්න රසිකයෝ

සල්මන් දැකගන්න රසිකයෝ

2015-06-11 10:49:00       695
feature-top
සුන්දර කාශ්මීරයේ එක්තරා මිටියාවතකදී අලුත් බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම් මෑතකදී සිදුවුණා. චිත්‍රපටයේ නම තමයි, බජ්රාන් භාජාන්'. මෙහි අධ්‍යක්ෂවරයා කබීර් ඛාන්.

ආදර කතාවක් මුසු වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සල්මන් ඛාන් සහ කරීනා කපූර්. මේ දෙදෙනාගේ රැඟුම් ඇතුළත් වූ දර්ශන රූගත කිරීම් සිදුවන බව දැනගත් එම ප්‍රදේශයේ යොවුන් රසික රසිකාවියන් අතිවිශාල පිරිසක් එක්රොක් වන්නට පටන් ගත්තා.

රූගත කිරීම් ආසන්නයේම බාලිකා විදුහලක් පිහිටා තිබෙනවා. කරීනා සහ සල්මන් පැමිණෙන ආරංචිය කෙසේ හෝ එම විදුහලේ සිසුවියන්ට ද ආරංචි වෙලා.

පාසල නිම වූ හැටියේම ඒ සිසු දැරියන් රැසක් ද රූගත කිරිම් කෙරෙන ස්ථානයට එක්රොක් වුණා. මේ නිසා චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධාවන් සිදුවී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට විශේෂ ආරක්ෂක නිලධාරින් පිරිසක් යොදවන්නටත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට සිදුවුණා.

ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, එතැනට එක්වූ රසික රසිකාවියන් සහ පාසල් සිසුවියන් අතිවිශාල පිරිස ඉවත් කළේ දැඩි වෙහෙසක් දරමින්.

ඉන් පසුව රූගත කිරීම් පැය ගාණක්ම සිදු කෙරුණා. රසික පිරිසට රූගත කිරිම් පෙනුණේ නැහැ. ඒත් ඔවුන් අපහසුවෙන් වුවත් රැඳී සිටියේ කරීනා සහ සල්මන්ව දැකගන්නටයි.

මේ අතර ඇතැම් රසික පිරිස් කෑ ගසමින් කියා සිටියේ තමන්ට සල්මන් සහ කරීනා සමඟ ඡායාරූපවලට පෙනී සිටිමට අවශ්‍ය බවයි. තවත් පිරිසකගේ ඉල්ලීමක් වුණේ කරීනා මෙම චිත්‍රපටය වෙනුවෙන් හැඳ සිටි ඇඳුම් සහ ආභරණ සිහිවටන ලෙස තබා ගන්නට බෙදා දෙන ලෙසයි. .

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »