Home / බොලිවුඩ් ගොසිප් / අඩුවෙන් ඇඳුම් අඳින්න මම ආසයි පූනම් පාණ්ඩේ

අඩුවෙන් ඇඳුම් අඳින්න මම ආසයි පූනම් පාණ්ඩේ

2015-06-09 09:23:00       694
feature-top
පූනම් පාණ්ඩේ යන නම බොලිවුඩයේ ප්‍රකටව තිබෙන්නේ රාගික රඟපෑම් සඳහාම සමත් නිළියක හැටියටයි. 1991 වසරේ ඉපදුණු විසිහතර හැවිරිදි මේ ළාබාල තාරකාව සමග ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාව කර තිබුණු සම්මුඛ සාකච්ඡාක සිංහල පරිවර්තනයයි මේ.

* රංගන ජීවිතය තුළ ඔබ කැමැති මොන ආකාරයේ ඉදිරිපත් කිරීම් කරන්නද?
මම ටිකක්වත් කැමැති නැහැ ගස් වටේ දුව දුව ආදර සින්දු කියන්න. මම කැමැතියි මේ වෘත්තීය තුළ මට කළ හැකි රංගන ඉසව් මොනවාද කියන දේ ගැන අභියෝගාත්මක ඉදිරිපත් කිරීමවලට මම නිරුවත් රඟපෑම්වලට සීමාවෙන්න කැමැති නැහැ. විවිධත්වයක් ඇති රඟපෑම් ලැබෙන නිළියකවීමට මම කැමැත්තෙන් ඉන්නවා.

* ඔබට පුද්ගලික ඇබ්බැහිවීම් තියෙනවාද? ඒ මොනවාද?
ප්‍රධානම දේ මම මගේම සෙල්ෆි ඡායාරූප ගන්න හරි කැමැතියි. කෑමකන කොට, නිදියන ඇඳ උඩදී වගේම නාන කාමරයේ නාන විටදී පවා මම මගේ ජංගම දුරකථනයෙන් මගේම පින්තූර අරගෙන බලනවා. මම මට හරිම ආදරෙයි. මම පූනම් පාණ්ඩේ කියන කෙනාට වශීවෙලා ඉන්නේ.

* ඔබ කැමැති මොනවිදියේ පිරිමින්ටද ?
මට ලොකු සල්ලිකාරයෝ ඕන නැහැ. ඒත් මනුස්සකම තියෙන පිරිමින්ට මම කැමැතියි.

ඉස්කෝ‍ලේ ඉගෙන ගත්තු කා‍ලේදී මට පිරිමි ළමයෙක් ගැන කැමැත්තක් ඇතිවුණා. මම ගිහින් එයාට මගේ කැමැත්ත කිව්වා. ඒ කොල්ලා එක පාරම මේක පන්ති භාර ගුරුතුමියට පැමිණිලි කළා. එදා පටන් මම පිරිමින්ට බයයි. මොන තරම් කැමැත්තක් ඇතිවුණත් මම ඉස්සර වෙන්නේ නෑ.

* හොඳ ආදර සම්බන්ධයක් ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
හැමදෙයම පරිපූර්ණ වුණු ආදර සම්බන්ධතා අපට මේ ලෝකයේ දකින්න ලැබෙන්නේ නෑ. පුද්ගලිකව සැබෑම ආදරවන්තයකු ඉදිරිපිටදී මම මහ මෝඩ ගෑනියක් විදියටයි හැසිරෙන්නේ.

* ඔබ ඔබේ සරාගී සිරුර නඩත්තු කරන්නේ කොහොමද?
අගපසඟ මහත්ව ඉන්න මම ආසයි. මම ඇති තරම් කෙටි කෑම කඩචෝරු කරවා. සාමාන්‍යයෙන් අතට අහුවෙන ඕනම දෙයක් මම කාලා දානවා.
ඕනවට වඩා අප්‍රසන්න විදියට මහත්වෙන සිරුරක් නමෛයි මට තියෙන්නේ. ඒ නිසා නිතර ජිම් යන්න වුවමනාවක් නෑ. නමුත් මම යෝග ව්‍යායාම කරනවා. ඉඩ ලැබෙන බොහෝ වෙලාවලදී.

* ඇයි ඔබ පිරිමින්ගේ කාමය ඇවිස්සෙන විදියේ විලාසිතා කරන්නේ?
මම අඩුවෙන් ඇඳුම් අඳින්න ආසයි. ඒ වගේම කාමුක විලාසිතා කරලා, මගේම සෙල්ෆි ඡායාරූප ගන්න මම ආසයි. ඒ මගේ ආශාව.

* නිරුවත් දර්ශන රඟපෑම බොලිවුඩ් පුරයට එකතු වීමේ කෙටිම මාර්ගය කියලා ඔබ විශ්වාස කරනවාද?
නැහැ. එහෙම කෙටි පාරකින් ඇතුළත් වුණත් බොලිවුඩය තුළ තරුවක් විදියට ස්ථාවර වෙන්න නම්, දක්ෂ රඟපෑම් අවශ්‍යයි.

මම නිරුවත් දර්ශන රඟපෑ නිසා බොහෝ අය උත්සාහ කළේ මාව ‍පෝර්නෝග්‍රැෆි වීඩියෝ තුළම සිරකරලා තියන්නයි. මේ වන විට මම රංගනයේ වෙනත් ඉසව් හොයා යන කෙනෙක්. අසභ්‍ය නිල් චිත්‍රපට 40කට විතර ලැබුණු ආරාධනා මම මේ වනවිට ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

* ඔබේ හොඳම තරගකාරිය සරාගී නිළි රැජින සනී ලියෝන් නේද?
කොහෙත්ම ඇය මට තරගකාරියක් නමෛයි. ඇය තියා වෙනත් නිළියකට වත් මා සමග තරග කරන්න බැහැ. සනී ලියෝන් ඇයට නියමිත තැන ස්ථානගත වෙලා ඉන්නවා. මම මගේ තැන තියාගෙන ඉන්නවා.

* ඔබේ ජීවිතයේ සුවිශේෂම කෙනා කවුද?
කිසිම විශේෂ කෙනෙක් නැහැ. දැනට මම ආදරේ මගේ ඉදිරිපිට තියෙන කැමරාවට විතරයි. බලමු මටත් මේ ලෝකයේ උරුමකාරයෙක් ඇතිනේ.

* එතකොට ඔබේ ඉදිරි බලා‍පොරොත්තු?
විශේෂ යමක් නැහැ. ජීවිතයේ රිද්මයට අනුව මම එදිනෙදා මගේ දවස් ගත කරනවා.

Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »