Home / බොලිවුඩ් ගොසිප් / සෝනුගේ ස්මාට් ෆෝන් එකට විදලා

සෝනුගේ ස්මාට් ෆෝන් එකට විදලා

2015-06-08 10:32:00       696
feature-top
බොලිවුඩ් පුරයේ ජනප්‍රිය ගායක සෝනු නිගාම්ගේ නිවෙසේ පුංචි සාදයක් පැවැත්වුණා. ඔහු එයට ඇරයුම් කළේ තමන්ගේ හිතවතුන් කීප දෙනකුට පමණයි. සාදයට නොයෙකුත් කෑම බීම පිළියෙල කෙරුණේ සෝනුගේ නිවෙසේ සිටින සහායකයන්ගේ උදව්වෙන්. එදින හිරු අවරට යද්දී, ඇරයුම් ලැබූ මිතුරන් සියලු දෙනාම මුම්බායි හි බටහිර අන්ධේරි ප්‍රදේශයේ පිහිටි සෝනුගේ නමාහ් බංගලාවට පිවිසුණා.

සාදය ඇරැඹෙද්දී සෝනු තමන්ගේ ජංගම දුරකථනය කිසියම් අවශ්‍යතාවකට අතට ගත්තා. ඒ මොහොතේ ඔහු දුටුවේ ජංගම දුරකථනයේ බැටරිය බැස තිබුණු බවයි. ඒ නිසා ජංගම දුරකථනය විදුලියට සම්බන්ධ කර, ඔහු මිතුරන්ට සංග්‍රහ කරමින් ඔවුන් සමඟ සතුටු සාමීචියෙහි යෙදී සිටියා.

සාදය නිම වන විට මධ්‍යම රාත්‍රිය ද පසුවී තිබුණා. සෝනුට තමන්ගේ ජංගම දුරකථනය සිහිපත් වුණේ පසුදා උදය වරුවේදීයි. එය විදුලිය ආරෝපණයට සම්බන්ධ කළ තැනට ගිය විට ඔහු දුටුවේ ජංගම දුරකථනය එහි නොමැති බවයි.

අමතක වීම නිසා වෙනත් තැනක තැබුවා ද යන සැකයෙන් යුතුව සොයා බැලුවත්, ජංගම දුරකථනය නිවෙස තුළ තිබුණේ නැහැ. මඳක් කල්පනා කළ සෝනු, මේ බව පොලීසියට දැන්වූවා. නිවෙස අසල පිහිටි පොලිස් ස්ථානයට ගිය ඔහු එහි පැමිණිල්ලක් ගොනු කළා.

සෝනු සතුව තිබූ එම ජංගම දුරකථනයෙහි වටිනාකම ඉන්දීය මුදලින් රුපියල් 29,000 ක් පමණ වන බවයි පැවසෙන්නේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »