Home / බොලිවුඩ් ගොසිප් / ආදිත්‍ය - ශ්‍රද්ධා අමනාපයෙන්!

ආදිත්‍ය - ශ්‍රද්ධා අමනාපයෙන්!

2015-06-07 03:29:00       699
feature-top
බොලිවුඩ්පුරයට නැවුම් හැඟුම් ජනිත කළ යුවළක් තමයි ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර්. දෙදෙනාගේ වාසගම එකම වුණත් කිසිම ඥාති සබඳකමක් නම් නැහැ. ඒත්, මේ දෙදෙනා අතර ඇතිවුණු සමීප සබඳකම දෙස බොහෝ දෙනකු දෙනෙත් යොමු කරගෙන සිටියේ එහි විශේෂත්වයක් තිබූ නිසයි.

මේ දෙදෙනා අතර පවතින්නේ මිත්‍රත්වයක් පමණක් නොවන බව මුළු ලොවටම වැටහෙන්නට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඒ නිසා ආදිත්‍ය සහ ශ්‍රද්ධා, බොලිවුඩ් සිනමාවේ අලුත්ම පෙම් යුවළ ලෙස හඳුන්වන්නට කවුරුත් උනන්දු වුණා. පෙම් යුවළක් වුණේ තිරයේදී විතරක් නොවෙයි, සැබෑ ජීවිතයේදීත් ඔවුන් පෙම්වතුන් බවට පත්වුණා.

ඒත් පසුගිය සතියේදී කාට කාටත් දැකගත හැකි වුණේ මේ පෙම්දම ගිලිහී ගොස් ඇති බවයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන මුකේෂ් චබ්රාගේ 35 වැනි උපන් දින උත්සවයේදී මේ කාරණය හොඳින්ම පෙනුණා. මේ උපන් දින සාදයට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් කීප දෙනකු පැමිණ සිටියා.

අනුරාග් කාශ්‍යප්, කන්ගනා රනවුත් සහ බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ නළු නිළියන් ඇතුළු තවත් කීප දෙනකුම පැමිණ සිටිනු දකින්න ලැබුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »