Home / බොලිවුඩ් ගොසිප් / නිහඬ අමිතාබ් හෙවත් ශමිතාබ්

නිහඬ අමිතාබ් හෙවත් ශමිතාබ්

2015-06-04 10:36:00       819
feature-top
බොලිවුඩ් චිත්‍රපටයක් අවසන් වනතුරු නැරඹීමට නොහැකි වුව ද මදක් නරඹන විට එහි අවසානය හිතා ගැනීමට බොහෝ ප්‍රේක්ෂකයින්ට හැකියාව තිබේ. ඒ ඔවුන් බොහෝ විට එකම ආරක සහ සම්ප්‍රදායික ආදර කතාවක් එක් කරමින් නිර්මාණය බිහි කර තිබීමයි. එහෙත් එවැනි පසුබිමක් තුළ නිර්මාණය කළ සාර්ථක චිත්‍රපටයක් ලෙස ඒආර් බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කළ‍ ශමිතාබ් (Shamitabh) චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය.

 

විශේෂතා කිහිපයක් පවතින මෙම චිත්‍රපටය බොලිවුඩයේ අමිතාබ් බච්චන්ගේ (Amitabh Bachchan) සහ කොලිවුඩයේ ධනුෂ්ගේ (Danush) රංගනයෙන් හැඩ වී තිබේ. ශමිතාබ් චිත්‍රපටය box office වාර්තා අතරට පැමිණ ඇති අතර එය තිරගත වූ පළමු දිනයේ දී ම රුපියල් කෝටි කොටි 3.5ක ආදායමක් උපයා තිබේ.

 

දක්ෂතාවලින් පරිපූර්ණ පුද්ගලයෙකු වූ ධනුෂ් නළුවෙක්වීමට කුඩා අවධියේ සිට වෙර දරණ අතර එහෙත් ඔහුට එය ඉෂ්ඨ කර ගැනීමට නොහැකි තරම් වූ ප්‍රභල අඩුපාඩුවක් පවතී. එනම් ඔහුට කතා කළ නොහැකිවීමයි. ඔහු ගොළු පුද්ගලයෙකි. එහෙත් ඉන් නොනවතින ධනුෂ් සිය අරමුණ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි. දිනපතා චිත්‍රපට බලමින් ඒවායේ චරිත තනියම රඟපෑමට ඔහු හුරු වී සිටී. සිය ආදරණීය මවගේ වියෝවෙන් අනතුරු ව තනි වූ ධනුෂ් ගම හැරදා නගරයට යයි.

 

එහි දී යොවුන් චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරියකගෙන් දැඩි සහයෝගයක් ඔහුට හිමි වෙයි. ඇයගේ පියා වෛද්‍යවරයෙකුවන අතර ඔහු ධනුෂ්ගේ අනාගත බලාබොරොත්තුව සාක්ෂාත් කර ගැනීමට ප්‍රධාන මාර්ගය පාදාදීමට කටයුතු කරයි. එහෙත් ඒ සඳහා සහාය දැක්වීමට පුද්ගලයෙකු නොමැතිවීම මහත් ගැටළුවක් බවට පත් වෙයි. ඒසේ කාලය ගත වනවිට නිසි පුද්ගලයා ඔවුන්ට හමු වයි. ඒ අමිතාබ් බච්චන් ය. ඔහු ද නළුවෙක්වීමට පැමිණ පසු ව අන්ත අසරණ තත්වයකට පත් වූ තැතැත්තෙකි.

 

ඔවුන් එක් ව කටයුතු කර සාර්ථකත්වය කරා ගමන් කරන අතර එලෙස වැඩ කිරීමේ දී ඇතිවන අර්බුද, ගැටුම්, සහයෝගීතාව ආදිය මනා ලෙස ගලපා ඉතා අපූරු ලස නිර්මාණය කළ චිත්‍රපටයක්වන මෙම ශමිතාබ් චිත්‍රපටය අවසානය සාම්ප්‍රදායික චිතපටවලින් ඔබ්බට ගොස් ඇති බැවින් ද අවසානය ඉතා දුක්ඛිත එකක් බැවින් ද එහි සාර්ථකත්වයක් පවතී. කෙසේ වුව ද චිත්‍රපට නැරඹීමට ඇල්මක් දක්වන පුද්ගලයෙකුට ඉතා සතුටින් නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස ශමිතාබ් හැඳින්විය හැකි ය. හඬ සඳහා ප්‍රමඛස්ථානයක් ලබා දෙමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ධනුෂ් අමිතාබ් බච්චන්ගේ කටහඬදට මනා සාධාරණයක් ඉටු කර ඇති බව ද සඳහන් කළ යුතු ය.

 

අමිතාබ් බච්චන් බොලිවුඩයේ රජ වනවිට දී කොලිවුඩයේ අභිෂේක ලබන රැජිනිකාන්ගේ බෑණන්ඩිය වූ ධනුෂ් හට අමිතාබ් සමග රංගනයට අවස්ථාවක් ලැබීම පිළිබඳ ඔහු දැඩි සතුටකින් පසු විය.

 

ධනුෂ් කොලිවුඩයේ මෙන් ම බොලිවුඩයේත් ජනප්‍රිය වූ රංගන තරුවකි. වයි දිස් කොලවරි ගීතය තුළින් ඔහුගේ ජනප්‍රියතාවය ලොව පුරා පැතිරී යාමට තවත් එක් හේතුවක් විය. බොලිවුඩයේ රජ වූ අමිතාබ් බච්චන් සමගින් රංගනය මෙම යොවුන් තරුවට ආශිර්වාදයක් බවත් එය ඔහුගේ කලක සිට පැවති සිහිනයක් බවත් ධනුෂ් සඳහන් කර තිබේ.

 

කොලිවුඩයේ රඟපෑ ඔහු බොලිවුඩයට පැමිණියේ ආනන්ද් එල් රායිගේ රන්ජානා චිත්‍රපටයෙනි. ශමිතාබ් ධනුෂ්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වෙයි. මේ සමගින් හොලිවුඩය තුළ කතා බහට ලක් ව ඇති චරිතයක් බවට පත් ව සිටින ධෂනුෂ්ගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් කතා කිරීමේ දී, ඔහු මේ වනවිට 37 වැනි වියේ පසු වෙයි. ඔහුගේ සම්පූර්ණ නම වෙන්කෙට්ශ් ප්‍රභූ කස්තුරි රාජා ය.

 

2002 වර්ෂයේ දී සිනමාවට පිවිසීමත් සමග ධනුෂ් (Danush ) යනුවෙන් නම වෙනස් කරගත් මොහු දක්ෂතා රැසකින් පිරිපුන් රංගන ශිල්පියෙක් බවට පත් විය. රංගනයට අමතර ව නිෂ්පාදකවරයෙකු ලෙස, තිර පිටපත් රචකයෙකු ලෙස මෙන් ම පසුබිම් ගායකයෙකු ලෙස ද සිනමා කර්මාන්තයට දායක වූ  ධනුෂ් කොලිවුඩයේ රජු ලෙස විරුදාවලි ලත් රජිනිකාන්ත්ගේ (Rajinikanth) දියණිය සමග 2004 වසරේ දී විවාහ විය. මේ වනවිට ඔවුන්ට දරුවන් දෙදෙනකු ද සිටී.

 

Thulluvadho Ilamai චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ධනුෂ්ගේ  (Danush )දෙවැනි චිත්‍රපටයවන Coming Up Age චිත්‍රපටය ඔහුගේ පියාගේ අධ්‍යක්ෂණයකි. ඔහු 2011 වසරේ දී රංගන දායකත්වය සැපයූ Aadukalam චිත්‍රපටයේ රංගනය උදෙසා National Film Award සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 2014 වසරේ Film Fair Award සම්මාන උළෙලේ දී සම්මාන 05 කට හිමිකම් කීමට ඔහුට හැකි විය. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් 25ක් ම box office වාර්තා අතරට පැමිණ ඇත.

 

ආරම්භයේ සිට ම ආකර්ෂණීය හා වෙනස් මුහුණුවරක් ගත් මෙම නිර්මාණයේ මුල්ම දිගහැරුම සිදුවන්නේ ද වෙනස්ම ආකාරයිනි. එසේ ම වැසිකිළියක වාඩි වී අමිතාබ් ගයන පිඩ්ලී නම් ගීතය ද මේ වනවිට දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

More News »