Home / බොලිවුඩ් ගොසිප් / අමීර් කෙට්ටුව මට්ටු කරයි

අමීර් කෙට්ටුව මට්ටු කරයි

2015-06-01 12:24:00       818
feature-top
රඟපාන්න ලැබෙන චරිතය අනුව සිරුරේ බර අඩු වැඩි කරගන්න උනන්දුවන තරුවක් තමයි, අමීර් ඛාන්.

අමීර්, මීළඟට රඟපාන්නේ රෙස්ලින් ක්‍රීඩකයෙකුගේ චරිතයක්. ඒ නිසා එවැනි ක්‍රීඩකයෙකුගේ ස්වරූපය හොඳින් මතුකරන්න නම් ශරීරය තරමක් දුරට මහත් කරගත යුතුයි.

මේ දිනවල අමීර් කෑම බීම ගන්නේ ඒ ගැන සිතමින්. මේ වන විට ඔහුගේ බර කි.ග්‍රෑම් 95 ක්ලු.

මේ ප්‍රමාණය රෙස්ලින් ක්‍රීඩකයාගේ චරිතයට ගැලපෙනවා. දැන් මගේ හුස්ම ගැනී‍ෙම් රටාව පවා වෙනස් වෙලා.

මගේ අම්මයි, බිරියයි මේ ගැන කතා කරන්නේ හිත හොඳකින් නම් නෙමෙයි. ඒ දෙන්නා කියන්නෙ මම, මගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරනවා ය කියලයි.

වැඩි කල් මම මේ විදිහට ඉන්නෙ නැහැ. ලබන අවුරුද්දේ ජුනි වෙන‍කොට මම කෙට්ටු වේවි. ඒ, තරුණයකුගේ චරිතයකට ගැළපෙන විදිහට ඇඟ හදාගන්න ඕනෙ නිසා. අමීර් සිනාසෙමින් කියා සිටියා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »