Home / බොලිවුඩ් ගොසිප් / මවු රට වෙනුවෙන්

මවු රට වෙනුවෙන්

2015-05-27 02:51:00       824
feature-top
නේපාලයේ සිදුවූ ඛේදවාචකය ජනප්‍රිය නිළි මනීෂා කොයිරාල විඳ දරා ගත්තේ කෙලෙසදැයි ඇයටම නිනව්වක් නැහැ. මේ සුරූපී නිළියගේ උපන් රට නේපාලය වීම එයට ප්‍රධානම හේතුවයි. නේපාලයේ ආණ්ඩු කළ සුප්‍රකට කොයිරාල පරපුරෙන් පැවත එන ඇය පසුගිය දිනවල රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්. නේපාල වැසියන් එරට තුළ හටගත් භූමිකම්පාවට ගොදුරු වී දහස් ගණනින් මියගොස් සිටි අයුරු දකිද්දී ඇය හදවතින්ම වැලපුණා.

මේ දුඃඛදායක මොහොතේදී මුලින්ම ආධාර උපකාර කරන්නට පැමිණි ඉන්දියානු රජය සහ අගමැති නරේන්ද්‍ර මෝදිට ඇය ස්තුතිය පළ කළා. නේපාල වැසියන්ට උදව් කළ හැමෝටම ස්තුතියි. ඒ ගැන කියන්න මට වචන නැහැ. නේපාලයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ මුල්ම අගමැති බී. පී. කොයිරාලගේ මිණිබිරිය එලෙස තම ස්තුතිය පුද කළේ ට්විටර් පිටුවෙහි සටහනක් තැබීමෙන්.

විපතට පත් නේපාල වැසියන්ට ආධාර උපකාර කරද්දී සිදුවන වංචා සහ වෙනත් අකටයුතුකම් ගැන ද මනීෂාට අසන්නට ලැබුණා. ඇය ඒ ගැන කතා කළේ දැඩි කනගාටුවකින් සහ කෝපයකින්. මේ වගේ වෙලාවකදි ආධාර බෙදාහරින අතරේදි මුදල් ගනුදෙනුවල දූෂණ සිදුවෙනවාලු. මෙම නේපාල ජනතාවට කියා සිටින්නේ ආධාර උපකාර නාමයෙන් වංචා සිදුකරන මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න කියලයි. ඇය මේ පිළිබඳ තමන් දන්නා හඳුනන හිතවතුන්ට ද කරුණු පහදා දුන්නා. විපතට පත්වූ ජනතාවට නියමාකාරයෙන් සහන සැලසෙන්නේදැයි සොයා බලන ලෙස ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »