Home / බොලිවුඩ් ගොසිප් / ශාරුක්, සෙයින් හමුවක්

ශාරුක්, සෙයින් හමුවක්

2015-05-26 12:14:00       824
feature-top
පස්වැනි ආසියානු සම්මාන උලෙළ පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වුණු බව ඔබට මතක ඇති. මේ සම්මාන උලෙළේදී බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් විශේෂ සම්මානයක් පිරිනැමුණා. ශාරුක් මේ උලෙළට සහභාගිවුණේ තම දියණිය සුහානාත් එක්කයි. දැන් සුහානාගේ වයස අවුරුදු 15 යි. ඇය හින්දි ගීතවලට විතරක් නොවෙයි, බටහිර ගීත රස විඳින්නටත් කැමැතියි. ඇගේ ප්‍රියතම ගායකයා තමයි, සුප්‍රකට වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ ශිල්පියකු වන සෙයින් මලික්.

මේ යොවුන් ගායන ශිල්පියා ද ආසියානු සම්මාන උලෙළ නැරැඹීමට පැමිණ සිටියා. තමන්ගේ ප්‍රියතම ගායකයා පැමිණ සිටින බව දැකගත්ත සුහානාට කියා නිමකරන්න බැරි තරම් සතුටක් ඇතිවුණා.

සම්මාන උලෙළ නිමාවට පත්වූ හැටියේම ඇය තම පියාට (ශාරුක්ට) ඇවිටිලි කළේ සෙයින් මලික් සමඟ කතා කරන්නට අවස්ථාව ලබා දෙන්න ය කියලයි. දියණියගේ ඉල්ලීමට ඉඩ දුන් ශාරුක්, ඇයත් සමඟ ඉක්මන් ගමනින් සෙයින් මලික් වෙතට පිය නැඟුවා. මුළු ලොවම හඳුනන බොලිවුඩ් සුපිරි තරුව තමන් වෙත එන අයුරු දුටු සෙයින්ට පුදුම හිතුණා.

තමන් වැනි ළාබාල අයකු වෙත ශාරුක් වැනි ප්‍රවීණයකු එතැයි ඔහු කිසිදාක සිතුවේ නැහැ. එහෙත් ඒ සිතුවිල්ල සැබෑවක් බවට පත් කරමින් සුපුරුදු සිනහව නඟමින් ශාරුක් ඔහු වෙත පැමිණ අතට අත දී තම දියණියව ඔහුට හඳුන්වා දුන්නා.

මේ හමුවේදී සෙයින් පැවසුවේ ශාරුක් රඟපෑ මේන් හූ නා චිත්‍රපටය මෙතෙක් නරඹා නැතත් එහි ගීතවලට ප්‍රිය කරන බවයි. තමන් ප්‍රිය කරන බොලිවුඩ් තරුව ශාරුක් යැයි ද ඔහු ශාරුක්ට පැවසුවේ පුළුල් සිනහවක් නඟමින්. එය ඇසූ සුහානා සතුටින් සිනා සෙද්දී ශාරුක්, සෙයින්ට පැවසුවේ තම දියණියගේ ප්‍රියතම ගායකයා සෙයින් බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »