Home / බොලිවුඩ් ගොසිප් / අප දෙදෙනා ඉමු තරහ වෙලා

අප දෙදෙනා ඉමු තරහ වෙලා

2015-05-25 10:29:00       824
feature-top
අභිෂේක් භච්චන් සහ කරිස්මා කපූර් අතර කලකට ඉහත දී පෙම් සබඳකමක් පැවතුණ බව සිනමා රසික රසිකාවියන්ට රහසක් නොවෙයි. දෙදෙනා අතර පැවැති මේ ප්‍රේමය මල්ඵල ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළා. එයට හේතුව, අභිෂේක් සහ කරිස්මා විවාහ ගිවිස ගැනීමටත් පෙළඹුණු නිසයි. 2002 වසරේදී මේ යුවළ විවාහ ගිවිස ගත්තත් මාස කීපයකට පසුව එය කටුගා දැමුණේ කවුරුත් කුතුහලයට පත් කරවමින්. ඔවුන් දෙදෙනා එලෙස වෙන්වූයේ ඇයිදැයි අදටත් රහසක්.

ඉන් පසුව තමයි, අභිෂේක් අයිශ්වර්යාගේ අත ගත්තේ. කාලය ගෙවී ගියා. අභිෂේක් තම සිතෙන් කරිස්මාව මුළුමනින්ම අමතක කර දැමුවා. ඉන් පසු දෙදෙනා අතර කිසිදු සුහදත්වයක් තිබුණේ නැහැ. පසුගියදා පැවැත්වුණු දාදා සාහෙබ් පාල්කේ සම්මාන උලෙළට මේ දෙදෙනාම පැමිණ සිටියා.

මේ සම්මාන උලෙළ පැවැත්වුණේ හින්දි තිරයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන ශෂි කපූර්ට දාදා සාහෙබ් පාල්කේ ගෞරව සම්මානය පිරිනැමීමටයි. (මෙම උසස්ම ගෞරව සම්මානය ඉන්දීය රජය මඟින් පිරිනමනු ලබන්නේ ඉන්දීය සිනමාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදුන් කලාකරුවන්ටයි.)

උත්සව ශාලාවේ අභිෂේක් අසුන්ගෙන සිටියේ කරිස්මාගේ මව සහ පියා අසලමයි. ඔහු ඔවුන් සමඟ ඉතාම කුලුපගව කතාබහ කරමින් සිටිනු දකින්න ලැබුණා. ඒ අසුන් පෙළෙහිම කරිස්මා ද වාඩිවී සිටියා. ඒත් අභිෂේක්නම් නිකමටවත් ඇය දෙස බැලුවේ නැතිලු.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »