Home / බොලිවුඩ් ගොසිප් / සල්මන් ඛාන්ගේ පෙම්වතිය ජැක්ලින් ෆර්නැන්ඩස් ද? (PHOTOS)

සල්මන් ඛාන්ගේ පෙම්වතිය ජැක්ලින් ෆර්නැන්ඩස් ද? (PHOTOS)

2015-05-22 11:52:00       818
feature-top
Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සල්මන් ඛාන් මේ දිනවල නිරන්තරයෙන් ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කාලය ගත කරන බව ය.

ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් පවතින බව සල්මන්ගේ මිත්‍රයෙකු ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී ඇත.

මීට පෙර ජැක්ලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ, Kick චිත්‍රපටයේ පිටපත කියවීමකින් තොරව ම තමන් ඊට එකඟත්වය පළ කළේ, සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපාන හෙයින් බව ය.

පසුව සල්මන් ඛාන් ඇයට හින්දි භාෂාව ද ඉගැන්වූ අතර පළමු වරට ජැක්ලින් සිය චරිතය සඳහා හින්දි බසින් හඬ මුසු කළේ, Kick චිත්‍රපටය වෙනුවෙනි.

More News »