Home / බොලිවුඩ් ගොසිප් / ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවන තැන ජැක්ලීන්ට (PHOTOS)

ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවන තැන ජැක්ලීන්ට (PHOTOS)

2015-05-21 03:37:00       824
feature-top
ඉන්දියාවේ Times of India පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවන ස්ථානය ජැක්ලීන් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ.

Doe-eyed beauty (මුවන්ගේ ඇස් සහිත රූමතිය) නමින් හැඳින්වෙන ජැක්ලීන් මෙම ලැයිස්තුවේ කට්‍රිනා කායිෆ් සහ ප්‍රියංකා චොප්රාට වඩා ඉදිරියට පැමිණ සිටීම වි‍ශේෂත්වයකි.

මෙම සමීක්ෂණය අනුව ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය කාන්තාව වන්නේ, බොලිවුඩ් නිළි සනී ලියොන් ය.

දෙවන ස්ථානය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන්ට හිමි වී තිබේ.

Times of India පුවත්පත මගින් කරන ලද සමීක්ෂණය අනුව ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා මෙසේ ය.

1. සනී ලියොන්
2. දීපිකා පාදුකෝන්
3. ජැක්ලීන් ෆර්නැන්ඩස්
4. කට්‍රිනා කායිෆ්
5. ශ්‍රියා සරන්
6. ප්‍රියංකා චොප්රා
7. ශ්‍රද්ධා කපූර්
8. නාගීස් ෆක්රි
9. ආශා භාට්
10. ලීසා හේඩ්න්

More News »