Home / බොලිවුඩ් ගොසිප් / නර්ගිස් ෆක්රිගෙ අළුත්ම කොල්ලා

නර්ගිස් ෆක්රිගෙ අළුත්ම කොල්ලා

2015-05-20 12:00:00       824
feature-top

වරුන් ධවාන් ආලියා බාත් හා සිද්ධාර්ත් මල්හෝත‍්‍රා යන තිදෙනාම ක්ෂේත‍්‍රයට පාතැබුවේ Student of the year චිත‍්‍රපටයෙනි. වරුන් ටික කලක් ආලියා භාත් සමග සම්භන්ධ කමක් පවත්වන් ගියා. එහෙත් ආලියා සිද්ධාර්ත්ට සමීප වීම නිසා ඔවුන්ගේ ඇයි හොදැයිකම් වැඩි දවසක් තිබ්බෙ නැහැ. දැන් පැතිරෙන අළුත්ම ඕපදුප වලට අනුව වරුන් සම්භන්ධකම් පවත්වන්නේ නර්ගිස් ෆක්රි සමගින් කියලයි ආරංචිය.

ඔවුන් දෙදෙනා එක්ව රඟපෑවේ Main Tera Hero චිත‍්‍රපටයේ විතරයි. තිරයේ පමණක් නෙවෙයි සැබෑ ජීවිතයේත් ඔවුන් හොදට ගැලපෙන යුවලක් කියලයි හැමෝම කියන්නේ. එක්තරා සිනමා සම්මාන උළෙලකදී වරුන් ධවාන් පැවසුවේ තමා අද සහභාගීවන්නේ අතිවිශේෂ මිතුරෙකු සමගින් බවයි. සම්මාන උළෙල අවසන් වන තුරු ඔහු අසල රැදී සිටියේ නර්ගීස්ය. නර්ගීස් හා උදය චෝප්රා අතර පැවති සම්භන්ධය බිද වැටුනාට පසුව ඇය බොහෝ සේ හිත රිදවා ගත් බව තතු දත් අය කියනවා. මෑතකදී ඇය සිය අඩවියේ පලකර තිබූ අදහසක් ක්ෂේත‍්‍රයේ අයගේ පමණක් නොව රසික රසිකාවියන්ගේද කුතුහලය අවුස්සන්න වුනා.

සමහර අවස්ථාවල බිදුණු දෙයක් ආයේ කවදාවත් හරිගස්සන්න පුළුවන්කමක් නැහැ. එතකොට කරන්න තියෙන්නේ අළුත් දෙයක් ලබාගන්න එක. ඒවගේම පළමු වතාවේ පාඩමක් ඉගෙන ගත්ත නිසා දෙවනි වතාවේ හුගක් පරිස්සම් වෙන්න සිද්ධවෙනවා.

asianmirror.lk.



More News »