Home / බොලිවුඩ් ගොසිප් / ආලියාට සිද්ධාර්ත් දීපු අපූරු උපන්දින තෑග්ග

ආලියාට සිද්ධාර්ත් දීපු අපූරු උපන්දින තෑග්ග

2015-05-20 11:49:00       818
feature-top

ආලියා බාත් ඇගේ 22 වන උපන්දිනය පසුගියදා සමරනු ලැබූවා. උපන්දිනය දවසේ බොහෝ දෙනා ඇයදෙස බලා සිටියේ ඇගේ පෙම්වතා වන සිද්ධාර්ත් මල්හෝත‍්‍රා ඇයට උපන්දින තෑග්ග විදිහට මොනවා දෙයිද කියලයි.

සිද්ධාර්ත් විසින් ආලියාට නවතම තාක්ෂණයෙන් යුත් කැමරාවක් තෑගි කොට තිබෙනවා. ආලියා එයින් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ඔස්සේ පලකරලත් තියෙනවා.

ආලියා හා සිද්ධාර්ත් විවිධ උත්සව වලට සහභාගී වීමෙන් මෙම ආදර සම්භන්ධය හැමදෙනාම දැනගත්තා. ළඟදී පැවති ප‍්‍රවර්ධන වැඩසටහනකදී ආලියා හා සිද්ධාර්ත් පෙම්වතුන් ලෙස ඉතා සමීපව හැසිරීම හේතුවෙන් එයට සහභාගී වී සිටි අන් අයගේ අවධානය ඔවුන් ලබාගත්තා.

එම අවස්ථාවේ ඡායාරූප ශීල්පීන් විසින් ආලියාගේ සුරූපී පෙනුම විවිධ කෝණවලින් ඡායාරූප ලබාගෙන ඇති අතර ටික වෙලාවකින් සිද්ධාර්ත් කැමරාවක් ඉල්ලාගෙන ආලියාගේ ඡායාරූප ඔහු විසින්ම ලබාගැනීමට කටයුතු කලා.



More News »