Home / බොලිවුඩ් ගොසිප් / මේවා රඟපෑම් නොවෙයි

මේවා රඟපෑම් නොවෙයි

2015-05-19 11:15:00       818
feature-top
මෑතකදී බොලිවුඩ්පුරයේ කීප දෙනකුටම රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබන්න සිදු වුණා. ඒ අය අතරින් වයසින් වැඩිම ප්‍රවීණ රංගන ශිල්පිනිය තමයි, තනුජා මුඛර්ජි. මේ වන විට 72 වැනි වියෙහි පසුවන ඇය, ජනප්‍රිය නිළි කාජල්ගේ ආදරණීය මවයි.

තනුජා මුඛර්ජිට රෝහල් ගතවන්නට සිදුවුණේ උදරයේ හටගත් වේදනාවක් හේතුවෙන්. පසුගිය අප්‍රේල් 22 දා ඉන්දියාවේ නැවතී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට නැවතුණු තනුජාට ඒ හේතුවෙන් රූපවාහිනී වැඩ සටහනකට සහභාගිවීමේ අවස්ථාවක් ද අවලංගු කරන්නට සිදුවුණා. සම්මුඛ සාකච්ඡාමය වැඩ සටහනක් වූ එය මේ ප්‍රවීණ නිළියගේ සහභාගිත්වය ඇතුව පසුව රූපගත කිරීමට තීරණය වුණා. රෝහලෙන් ප්‍රතිකාර ලැබූ තනුජාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසුව මීට සතියකට කලින් ඇය නිවෙසට පැමිණි බවයි ආරංචි වුණේ.

ශත්රුගන් සිංහ බොලිවුඩ් සිනමාවේ තවත් ජනප්‍රිය ප්‍රවීණ නළුවෙක්. ඔහු, ඉන්දීය දේශපාලනඥයකු බව කවුරුත් දන්නා කාරණයක්. නව පරපුරේ ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංහ ඔහුගේ දියණියයි. මේ ප්‍රවීණ කලාකරුවා පසුගියදා රෝහල්ගත කෙරුණා. ඒ, ඔහුගේ පාදයක සිදුවූ ආබාධයක් සුව කිරීමට සැත්කමක් කළ යුතු වීම නිසයි. ඔහුව ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර රෝහලකටයි. ශත්රුගන්ගේ පාදයක් ආබාධ වී ඇත්තේ. ඔහු කායවර්ධන මධ්‍යස්ථානයක ව්‍යායාම් කරමින් සිටින අතරතුරදීයි. මේ වන විට සැත්කමට මුහුණ දී සිටින ශත්රුගන් පවසන්නේ තමන් දැන් සුවෙන් සිටින බවයි.

මුලදී මගේ කකුලක් රිදෙන්න පටන් ගත්තා. මම ඒක ගණන් ගත්තෙ නැහැ. ටික දවසක් යද්දි තත්ත්වය බරපතළ වුණා ශත්රුගන් පැවසුවා.

බොලිවුඩයේ යොවුන් නිළියක් ද මේ රෝගීන් ලැයිස්තුවට එකතු වුණේ කවුරුත් පුදුමයට පත් කරවමින්. බොහෝ දෙනා එලෙස පුදුම වුණේ යෞවනියක වන ඇයට දියවැඩියා රෝග ලක්ෂණවලට ආසන්න තත්ත්වයක් මතුවී ඇති බව ප්‍රසිද්ධ වීමෙන්. මේ යොවුන් නිළිය තමයි, සෝනම් කපූර්. ඇය මේ බව දැනගත්තේ සෞඛ්‍ය කඳවුරකට සහභාගිවීමෙන්ලු. කෙසේ වෙතත් සෝනම් ඒ ගැන වැඩිපුර කතා කළේ නැහැ.

කෝටි 4 ක රංගනයක්

කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල පැවැත්වෙන නානාප්‍රකාර උත්සවවලට සහභාගි වී රැඟුම්, ගැයුම් ඉදිරිපත් කිරීමට බොලිවුඩ්පුරයේ නළු නිළියන් හරිම කැමැතියි. මේ කැමැත්තට ප්‍රධාන හේතුව තමයි, අත - හිත පිරෙන්නම විශාල මුදලක් ලැබීම. උත්සවය පවත්වන ධනවතුන් බොලිවුඩ් සුපිරි තරුවලට ඇරයුම් කරන්නේ ඔවුන් වෙනුවෙන් අත දිග හැර වියදම් කිරීමේ බලාපොරොත්තුවෙන්.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ බොලිවුඩ් තරුව, ජැකලින් ෆර්නැන්ඩස්ටත් මෙවැනි වාසනාවක් උදාවුණා. මෑතකදී ලන්ඩන් නුවරට ගිය අවස්ථාවකදී එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙකු මුණ ගැසීමෙන් පසුවයි, ජැකලින්ට මේ ඇරයුම ලැබුණේ. එහිදී ව්‍යාපාරිකයා ජැකලින්ගෙන් ඉල්ලා සිටියේ තම පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී රැඟුම් - ගැයුම් ඉදිරිපත් කර සියලු දෙනාවම සතුටට පත්කරන ලෙසයි. ඒ වෙනුවෙන් තමන් ඕනෑම ප්‍රමාණයක මුදලක් ගෙවන බව ද ව්‍යාපාරිකයා කියා සිටියා. ඇරයුම පිළිගත් ජැකලින් ඔහු සමඟ ගාස්තුව ගැන ද සාකච්ඡා කළා. ජැකලින්ට පවුම් කෝටි 4 ක මුදලක් ගෙවන්නට ව්‍යාපාරිකයා කැමැත්ත පළ කළා. මෙහිදී ජැකලින් කියා සිටියේ මංගල උත්සවයේදී තමන් රඟපෑ චිත්‍රපට ජවනිකාවල ගීත ගයමින් රැඟුම් ඉදිරිපත් කරන බවයි.

මේ මංගල උත්සවය පැවැත්වෙන්නේ මැයි මාසයේ අග භාගයේදී බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ඒ වුණත් පසුගිය සතියේ දින දෙකක්ම ව්‍යාපාරිකයාගේ නිවෙසෙහි නතර වූ ජැකලින්, ඔහුගේ පවුලේ සියලු දෙනාගේම ආදර සංග්‍රහ විඳිමින් සතුටින් ගත කළ බවයි ආරංචි.

සාපරාධී වැඩක්

සනි ලියොන් නම්වූ බොලිවුඩ්පුරයේ අනුරාගික නිළියට නිරතුරුවම පාහේ චෝදනාවන්ට මුහුණ දීමට සිදුවෙනවා නිල් චිත්‍රපටවල රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමා ලෝකයට පා තැබු ඇයට මේ අයුරින් චෝදනා එල්ල වෙන්නේ ඇගේ පරණ පුරුදු අත් නොහැරිය නිසා බවට කිසිම සැකයක් නැහැ.

පසුගියදා ඇයට එරෙහිව ඉන්දීය පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් වුණා. මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන මාගෝ හි පදිංචිකරුවෙක්. අරුන් පරුලෙකර් නම්වූ ඔහු, මාගෝ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ සනි ලියොන්, අන්තර් ජාලයේ අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යන බවයි. එහි ඇය විසින් රඟ දක්වන ලද නොයෙකුත් නිරුවත් ජවනිකා රැගත් දර්ශන මෙන්ම ඇගේ නිරුවත් ඡායාරූප ද ඇතුළත් කර ඇතැයි අරුන් තම පැමිණිල්ලෙහි සටහන් කර තිබෙනවා. සනි ලියොන්ගේ මේ ක්‍රියාව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පනතෙහි 67 වැනි වගන්තියෙන් පැහැදිලි කෙරෙන අසභ්‍ය නිරූපණයන්ට අදාළ වගන්තිය උල්ලංඝනය කිරීමකැයි ද ඔහු පෙන්වා දෙනවා. මේ නිසා සනි ලියොන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹෙන ලෙස ද ඔහු පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වෙබ් අඩවියේ දැක්වෙන නිරූපණ සමාජයට හානිකරයි. මේ කටයුත්ත සාපරාධී අදහසකින් කළ දෙයක් ඔහු තවදුරටත් ප්‍රකාශ කරනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »