බොලිවුඩ් ගොසිප්

රාණි කවරයකට සරාගී වෙයි - Photos

සිය රසිකයන්ගේ මතකයෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින රාණි මුකර්ජී සරාගී බවින් නැවත බොලිවුඩයට ඒමේ උත්සාහයක් ගෙන තිබෙනවා.

සුනිල්ගේ දුව බොලිවුඩයට

90 දශකයේ බොලිවුඩයේ සුපිරි නළුවෙකු ලෙස අපකාගේත් හිත දිනාගත් සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ අතීයා ෂෙට්ටි බොලිවුඩයට පා තබා තිබෙනවා.

පැරැණි පෙම්වතා අනපේක්ෂිතව හමුවෙලා!

නාඳුනන ලෙස හැසිරුණත් මේ සුපිරි නළු නිළි දෙපළගේ අතීත කතාව නොදන්නා කෙනකු නැහැ. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට මේ දෙදෙනාගේ පෙම් කතාවේ අල ගිය - මුල ගිය තැන් රහසක් නොවෙයි.

අජේ, දරුවන් නැතිව පාළුවෙන්

තමන්ගේ පවුල් ජීවිතය රැක ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කරන්නට නොපැකිළෙන චරිතයක් වටා ගෙතුණු කතාවක් රැගත් චිත්‍රපටයක් ළඟදීම බොලිවුඩ් තිරයේ ප්‍රදර්ශනය වීමට නියමිතයි.

තාමත් වන්දි ගෙවා නැහැ...

ප්‍රවීණ නිළි හේමා මාලිනී ගමන් ගත් මර්සඩීස් මෝටර් රථය පසුගිය දා ඇල්ටෝ මෝටර් රථයක ගැටීම නිසා දෙහැවිරිදි දැරියක මියගිය ශෝක ජනක පුවත ඇසීමෙන් කවුරුත් දැඩි කම්පාවට පත්වුණා.

26/11 අමිහිරි අත්දැකීම රිදී තිරයට

දිනය නොවැම්බර් 26. ස්ථානය මුම්බායි නගරය. මරණ සංඛ්‍යාව 164යි. පැය 60කට ආසන්න කාලයක් මුම්බායම බියට පත්කළ සිදුවීම සිදුවීම ඔබට මතකද ?

බිපාෂාට මවගෙන් විරෝධය

බොලිවුඩයේ ගිනිසිළුවක් බඳු බිපාෂා බාසු ගේ අලුත්ම ප්‍රේමය ගැන නිමක් නැති කයි කතන්දර දැන් ලොව පුරා සැරිසරනවා. ජනප්‍රිය නළු හර්මන් බවේජා ගේ ඇසුරින් මිදුණු බිපාෂා මේ වන විට සමීප වී සිටින්නේ නළුවෙකු සහ නිරූපණ ශිල්පියකු වන කරන් සිං ග්‍රෝවර් වෙතටයි.

ශක්තිමත් බාහු ඇත්තාගේ ආරම්භය

මහා භාරතය, රාමායනය වැනි වීර කාව්‍ය බිහිවූ භාරතයේ වෙනත් වීර කතාවන්ගේ ද අඩුවක් නැත. ඓතිහාසික වීර කතාවක් පසුබිම් කරගත් භාෂා කිහිපයකින් ම නිර්මාණය වූ සිනමා පටයක් පසුගියදා එළිදුටුවේ ද භාරතයෙනි. ප්‍රධාන වශයෙන් දෙමළ හා තෙළිඟු භාෂාවලින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට හින්දි, මලයාලම් හා ප්‍රංශ භාෂාවලින් ද හඬ කැවී දැන් ලොව පුරා ප්‍රදර්ශනය වෙයි‍.

මංගල්ලෙට නාපු අයත් සිටියා

යොවුන් පරපුරේ ආදරය දිනා ගත් ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් යුග දිවි ගමන් ඇරඹු සොඳුරු ආරංචිය මුළු ලොව පුරා පැතිරී ගියා. එහි වගතුග කාටත් දැනගන්න ලැබුණේ ඒ හා සැබැඳුණු උණුසුම් පුවත් සමඟින්.

ඓශ්වර්යාට කෝටි 21 ක ගෙයක්

සුරූපී ඓශ්වර්යා රායි, තම සැමියා වන ජනප්‍රිය නළු අභිෂේක් භච්චන් සහ දියණිය ආරධ්‍යා සමඟ පදිංචිව සිටින්නේ අභිෂේක්ගේ මහ ගෙදරයි. එහිම තමයි, ඔහුගේ දෙමවුපියන් (අමිතාබ් භච්චන් සහ ජයා බහදූරි) පදිංචිව සිටින්නේ.

ගෝවින්දාගේ දෝණි සිනමාවට

දිනෙන් දින අලුත් තරු එකතුවන බොලිවුඩ් පුරවරයට තවත් අලුත් තරුවක් එකතු වුණා. පිය උරුමයෙන් පැමිණි ඇය දැන් කාගේත් අවධානය දිනාගෙන. සමීප් කන්ග් අධ්‍යක්ෂණය කළ Second Hand husband (සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ්) චිත්‍රපටයෙන් රිදී තිරයට පෑයු මේ අලුත් තරුව ටීනා අහුජා. ඇය ජනප්‍රිය නළු ගෝවින්දාගේ දියණියයි.

සල්මන්ගේ ෆෝන් එකෙන් ගේම් ගහපු පුංචි කෙල්ල

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් වීම තමන්ගේ එකම සිහිනය බව රිදී තිරයේ පුංචි නිළි හර්ෂාලී මල්හෝත්‍රා පවසනවා. වයස අවුරුදු 7 පසුවන හර්ෂාලී සල්මන් ඛාන් සමග "බජරන්ගි බායිජාන්" චිත්‍රපටයේ රගපෑ පුංචි නිළියයි.

සනී ලියෝන් මව් පදවිය ගැන කතා කරයි

බොලිවුඩයේ නැගී එන සරාගී නිළි සනී ලියෝන්ට මවක්වීමේ අදහසක් දැන්ම ම නොමැති බව ඇය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවතක් වන හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා තිබෙනවා.

විහිළුවෙන් සනී ගේ ඇස් රතුවෙලා

'නරක' නාමයකින් යුතුව බොලිවුඩ්පුරයට එක්වූ සනි ලියොන් දැන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක පමණක් නොවෙයි. ජනප්‍රිය රියැලිටි වැඩ සටහන් මෙහෙයවමින් එහි නිවේදන කටයුතුවලට ද සහභාගි වන ශිල්පිනියක්.

සුනඛ අගය දත් ජැකලින්

සුනඛ මස් අනුභව කරන උත්සවයක් මීට අවුරුදු 6 කට කලින් චීනයේ ඇරඹුණා. 'යුලින්' නම්වූ මේ අප්‍රසන්න උත්සවයේදී සුනඛයන් 10,000 ක් පමණ ඝාතනය කෙරෙනවා. ඒත් මිනිසුන්ගේ 'බලු ගතිය' පෙන්වූ මේ කටයුත්ත 2011 දී නවතා දමන්නට සිදුවූයේ එරටින්ම මතු වූ දැඩි විරෝධතා හේතුවෙන්.

පිරිමින්ගෙන් ආරක්ෂාවන කාන්තාවනගේ ස්විචයක් ගැන සුපිරි නිළි නර්ගිස් කියයි (Video)

බොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සරාගී නිළි නර්ගීස් ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

කත්‍රිනා රන්බීර් එක්ක උපන්දිනේ සමරයි

සුරූපී කත්‍රිනා කයිෆ් අද 32 වැනි උපන්දිනය සමරනවා. මේ වෙනුවෙන් ඇගේ පෙම්වතා රන්බීර් කපුර් අද විශේෂ උත්සවයක් ලෑස්ති කරලලු.

ශ්‍රද්ධාට පොලිස් ආරක්ෂාව

සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන් අක්තාර් අධ්‍යක්ෂණය කරන රොක් ඔන් ටු චිත්‍රපටයේ ඇයට රඟපෑමට නියමිතව තිබෙන්නේ රොක් ගායිකාවකගේ චරිතයක්.

තව පොඩ්ඩෙන් ගුටි කෙළියක්...

මිනිස්කම වෙනුවෙන් ක්‍රීඩා කිරීම යන අරුත රැගත් Play for Humanity නම්වූ තේමාව මුල් කරගත් පාපන්දු ක්‍රීඩා තරගයක් පසුගියදා මුම්බායි නගරයේ එක්තරා විදුහලක ක්‍රීඩා පිටියක පැවැත්වුණා. මේ වෙනුවෙන් ක්‍රීඩා කළේ පාසල් සිසු පිරිසක් නම් නොවෙයි. ජීවිතයේ මැදි වයසට ආසන්නව සිටින මුහුකුරා ගිය පිරිසක්. ඔවුන් බොලිවුඩ් සිනමාව වර්ණවත් කරන කලාකරුවන් පිරිසක්

'ස්ලම් ඩෝග්...නළුවා අනතුරක

මධූර් මිටාල් ජනප්‍රිය නළුවෙකු නොවුණත් ඔහු වෙත රසික පරපුරේ ප්‍රසාදය හිමිවුණේ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයේ සලිම් මලික්ගේ චරිතය නිරූපණය කිරීමෙන් පසුවයි. මේ යොවුන් නළුවා පසුගියදාක හදිසි අනතුරකට ලක්වුණා. ඔහු පදවාගෙන ගිය මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් තමයි මේ අනතුර සිදුවුණේ. ඒ අනතුරින් මධූර්ට බරපතළ තුවාල සිදුවූ බවයි ආරංචිවල සටහන් වුණේ.

එකතු වු‍ණත් ෆයිට් එක නන්ස්ටොප්

ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරොක්ස් යුවළ විවාහ ගිවිසගෙන වසර 3 ක් ගත වෙලා. අද හෙට හෝ අනිද්දා දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කෙරෙන බව ප්‍රකාශ වුණත් එය දැන් නොකෙරෙන දීගයක් බවට පත්වී හමාරයි.

ලොව ප්‍රසිද්ධම රංගන ශිල්පියාගේ ලොකුම රසිකයා ලබන වසරේ එළියට එයි

බොලිවුඩයේ සුපිරි තරුව ජනප්‍රිය නළු ශාරුක් ඛාන් තවත් දැවැන්ත පිම්මක් පැනීමට සූදානම් වනවා. ඒ FAN "ෆෑන්" චිත්‍රපටය හරහායි.  ලොව ප්‍රසිද්ධම රංගන ශිල්පියාගේ ලොකුම රසිකයා ගැන කියවෙන චිත්‍රපටයයි FAN "ෆෑන්". යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත්  කරන,

බයිසිකලෙන් ජගත් සංචාරයක්

බයිසිකලයක් පැදීම ඒ තරම් ලොකු දෙයක් නොවෙයි. හැබැයි, නන්නාඳුනන රටක ප්‍රධාන නගරයක බයිසිකලයක් පැදගෙන යාම තරමක චකිතයක් ඇති කරවන සුලු කාරණයක්. පහුගිය සතියේ මේ දුර්ලබ අත්දැකීම ලැබුවේ බොලිවුඩයේ කිං හෙවත් ශාරුක් ඛාන්.

රිතික් කොටි හටනක

'මොහෙන්ජෝදාරෝ' මේ දිනවල රූගත වෙමින් තිබෙන අලුත් ම බොලිවුඩ් චිත්‍රපටයක්. අශුතෝජ ගොවරිකර් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ රිතික් රෝෂන්. හරප්පා ශිෂ්ටාචාරය පසුබිම් කරගත් ඓතිහාසික කතාවක් රැගත් මේ චිත්‍රපටයේ රිතික් නිරූපණය කරන්නේ ඓතිහාසික චරිතයක්. එය සිහිගන්වන්නේ ඔහු මීට පෙර ජෝදා අක්බාර් චිත්‍රපටයේ රඟපෑ චරිතය බවයි, බොහෝ දෙනා පවසන්නේ.

කිලෝ 15 ක් බර ඇඳුමක්

දශක දෙකක පමණ කාලයක් තුළ විවිධ චරිත රඟමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් සුපිරි තරුව, ශ්‍රී දේවි පුළුල් තිරය වර්ණවත් කරන්නට පැමිණ සිටිනවා. ඒ, දෙමළ චිත්‍රපටයක් වන පුලි සමඟ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු විජේ සමඟ ශ්‍රී දේවි රඟන මේ චිත්‍රපටය ත්‍රාස ජනක සිදුවීම් රැසක් වටා ගෙතුණු සිනමා නිර්මාණයක්.

More News »

add_one