බොලිවුඩ් ගොසිප්

ශ්‍රද්ධාට පොලිස් ආරක්ෂාව

සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන් අක්තාර් අධ්‍යක්ෂණය කරන රොක් ඔන් ටු චිත්‍රපටයේ ඇයට රඟපෑමට නියමිතව තිබෙන්නේ රොක් ගායිකාවකගේ චරිතයක්.

තව පොඩ්ඩෙන් ගුටි කෙළියක්...

මිනිස්කම වෙනුවෙන් ක්‍රීඩා කිරීම යන අරුත රැගත් Play for Humanity නම්වූ තේමාව මුල් කරගත් පාපන්දු ක්‍රීඩා තරගයක් පසුගියදා මුම්බායි නගරයේ එක්තරා විදුහලක ක්‍රීඩා පිටියක පැවැත්වුණා. මේ වෙනුවෙන් ක්‍රීඩා කළේ පාසල් සිසු පිරිසක් නම් නොවෙයි. ජීවිතයේ මැදි වයසට ආසන්නව සිටින මුහුකුරා ගිය පිරිසක්. ඔවුන් බොලිවුඩ් සිනමාව වර්ණවත් කරන කලාකරුවන් පිරිසක්

'ස්ලම් ඩෝග්...නළුවා අනතුරක

මධූර් මිටාල් ජනප්‍රිය නළුවෙකු නොවුණත් ඔහු වෙත රසික පරපුරේ ප්‍රසාදය හිමිවුණේ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයේ සලිම් මලික්ගේ චරිතය නිරූපණය කිරීමෙන් පසුවයි. මේ යොවුන් නළුවා පසුගියදාක හදිසි අනතුරකට ලක්වුණා. ඔහු පදවාගෙන ගිය මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් තමයි මේ අනතුර සිදුවුණේ. ඒ අනතුරින් මධූර්ට බරපතළ තුවාල සිදුවූ බවයි ආරංචිවල සටහන් වුණේ.

එකතු වු‍ණත් ෆයිට් එක නන්ස්ටොප්

ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරොක්ස් යුවළ විවාහ ගිවිසගෙන වසර 3 ක් ගත වෙලා. අද හෙට හෝ අනිද්දා දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කෙරෙන බව ප්‍රකාශ වුණත් එය දැන් නොකෙරෙන දීගයක් බවට පත්වී හමාරයි.

ලොව ප්‍රසිද්ධම රංගන ශිල්පියාගේ ලොකුම රසිකයා ලබන වසරේ එළියට එයි

බොලිවුඩයේ සුපිරි තරුව ජනප්‍රිය නළු ශාරුක් ඛාන් තවත් දැවැන්ත පිම්මක් පැනීමට සූදානම් වනවා. ඒ FAN "ෆෑන්" චිත්‍රපටය හරහායි.  ලොව ප්‍රසිද්ධම රංගන ශිල්පියාගේ ලොකුම රසිකයා ගැන කියවෙන චිත්‍රපටයයි FAN "ෆෑන්". යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත්  කරන,

බයිසිකලෙන් ජගත් සංචාරයක්

බයිසිකලයක් පැදීම ඒ තරම් ලොකු දෙයක් නොවෙයි. හැබැයි, නන්නාඳුනන රටක ප්‍රධාන නගරයක බයිසිකලයක් පැදගෙන යාම තරමක චකිතයක් ඇති කරවන සුලු කාරණයක්. පහුගිය සතියේ මේ දුර්ලබ අත්දැකීම ලැබුවේ බොලිවුඩයේ කිං හෙවත් ශාරුක් ඛාන්.

රිතික් කොටි හටනක

'මොහෙන්ජෝදාරෝ' මේ දිනවල රූගත වෙමින් තිබෙන අලුත් ම බොලිවුඩ් චිත්‍රපටයක්. අශුතෝජ ගොවරිකර් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ රිතික් රෝෂන්. හරප්පා ශිෂ්ටාචාරය පසුබිම් කරගත් ඓතිහාසික කතාවක් රැගත් මේ චිත්‍රපටයේ රිතික් නිරූපණය කරන්නේ ඓතිහාසික චරිතයක්. එය සිහිගන්වන්නේ ඔහු මීට පෙර ජෝදා අක්බාර් චිත්‍රපටයේ රඟපෑ චරිතය බවයි, බොහෝ දෙනා පවසන්නේ.

කිලෝ 15 ක් බර ඇඳුමක්

දශක දෙකක පමණ කාලයක් තුළ විවිධ චරිත රඟමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් සුපිරි තරුව, ශ්‍රී දේවි පුළුල් තිරය වර්ණවත් කරන්නට පැමිණ සිටිනවා. ඒ, දෙමළ චිත්‍රපටයක් වන පුලි සමඟ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු විජේ සමඟ ශ්‍රී දේවි රඟන මේ චිත්‍රපටය ත්‍රාස ජනක සිදුවීම් රැසක් වටා ගෙතුණු සිනමා නිර්මාණයක්.

ෂාහිඩ් කපූර් යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් ජූලි මස හත්වැනිදා එනම් අනිද්දා මීරා රාජ්පුත් සමග විවාහ වෙනවා. තම විවාහය වෙනුවෙන් පවත්වන උත්සවයට තමා සමග එකට චිත්‍රපටවල රඟපෑ සියලුම නළුවන්ට හා නිළියන්ට ආරාධනා කළ බවත්, තම බිරිය ඔවුන්ට හඳුන්වාදීමට ආසාවෙන් බලා සිටින බවත් ෂාහිඩ් කියා තිබෙනවා.

සිද්ධාර්ත්ගේ පෞරුෂය ඉස්සරහා මම දියවෙලා යනවා - ශ‍්‍රද්ධා කපූර්

ශ‍්‍රද්ධා කපූර් තමන්ගේ පෙම්වතා කොයිවගේ වෙන්න ඕනද කියලා සඟරාවකට මේ වගේ අදහසක් දක්වලා තිබුනා.
ආදිත්‍ය රෝයි කපූර් එක්‌ක සම්බන්ධයක්‌ තියනව කියන්නෙ ඇත්තද?

එක චරිතයයි චිත්‍රපට දෙකයි

දශක ගණනකට පෙර හින්දි තිරය කැබරේ නර්තන ලාලිත්‍යයෙන් විචිත්‍රවත් කළ හෙලන් නම් වූ ප්‍රවීණ නිළිය ප්‍රේක්ෂකයන්ට අමතක නැහැ. මේ සුපිරි තාරකාවියගේ ජීවිත කතාව මුසුවූ චිත්‍රපට දෙකක් මේ වනවිට රූගත වෙමින් තිබෙනවා. එකම චරිතයක් කේන්ද්‍ර කර ගනිමින් චිත්‍රපට දෙකක් නිර්මාණය වීම බොලිවුඩ් සිනමාව තුළ කිසියම් ගැටුම්කාරී තත්වයක් මතු කරන්නට හේතුවෙලා.

රාම් ලඛාන් ආයෙමත්

පැරණි හින්දි චිත්‍රපට නැවත නිර්මාණය කිරීම දැන් මෝස්තරයක් බවට පත් වෙලා. 1989 වසරේදී සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කළ රාම් ලඛාන් චිත්‍රපටයත් මේ වනවිට ප්‍රතිනිර්මාණය කිරීමට සූදානම් වන බව බොලිවුඩ් පුරයෙන් දැන ගන්න ලැබෙනවා. මේ ආරංචියත් සමඟ හැමෝගෙම ප්‍රශ්නය වුණේ කවුද මෙහි රංගනයෙන් එක් වෙන්නේ යන්නයි.

මෙන්න ගෝවින්ද ගේ දියණියත් සිනමාවට

සිනමා රංගනයේ දී නර්තනයටත් හාස්‍යයටත් විශේෂ හැකියාව පෙන් වූ බොලිවුඩ් තරුවක් තමයි, ගෝවින්ද. ඔහුගේ රංගන කුසලතා උරුම කර ගත් ඇය, ටීනා අහුජා. පුංචි කාලෙදි ඇයව හැඳින්වූයේ නර්මදා කියලයි. ඇයව ගෙදරදී කවුරුත් ඇමතුවේ ටීනා කියලා. නර්මදා හෙවත් ටීනා දැන් යෞවනියක්. මේ වන විට 25 වැනි වියෙහි පසුවන ඇය රඟපෑ කුලුඳුල් චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

සායිෆ්ටත් නඩුවක්

දෙදහස් දොළහේ පෙබරවාරි විසි දෙවැනිදා නඩුවකට මුහුණ දීමට සිදුවිය හැකි අවාසනාවන්ත සිද්ධියකට තමන් පැටලේවි යැයි ජනප්‍රිය නළු, සායිෆ් අලි ඛාන් මොහොතකටවත් සිතුවේ නැහැ. ඔහු එදා සවස් යාමයේ හයිද්‍රාබාද්හි පිහිටි ටාජ් හෝටලයේ අවන්හලට තම බිරිඳ කරීනා, නෑනන්ඩිය වන කරිස්මා, බොලිවුඩ් නිළි. මලෙයිකා අරෝරා සහ ෂකීල් ලඩක් සහ බිලාලි අම්රෝහි සමඟ පැමිණ‍ියේ රාත්‍රී ආහාරය ගන්නයි. සතුටු සාමීචියෙහි යෙදෙමින් සිටි සායිෆ් ඇතුළු පිරිසට ටික වේලාවකින් සිදුවුණේ ගැටුමකට පටලැවෙන්නයි.

ප්‍රියංකාගේ Twitter ගිණුම

බොලිවුඩ් නිළියක් මේ දිනවල අධික ප්‍රීතියෙන් කාලය ගත කරනවා කියලා ආරංචි වුණා. ඇය සතුටින් සිටින්නේ ආදරණීය රසික රසිකාවන් සහ මිතුරු මිතුරියන් නිසාලු. ප්‍රියංකා චොප්රා තමයි මේ විදියට දැන් සතුටින් ඉන්නේ. ඇයගේ ට්විටර් ගිණුමේ මිතුරු මිතුරියන් ගණන මිලියන දහයක්. ඒ නිසා තමයි ප්‍රියංකා මේ තරම් සතුටින් ඉන්නේ.

කිං ඛාන් ට තවත් ක්‍රිකට් පිලක්

ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. යන අතුරු තුන ක්‍රීඩා ලෝලීන් විතරක් නොවෙයි, සිනමා රසික පිරිසත් හොඳින් හඳුනනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු මේ තරගාවලියට සම්බන්ධ වී සිටීම එයට හේතුවයි.

මූණවත් නොබලන පැරණි පෙම

බොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ප්‍රියංකා වර්ජනයක

'අයිෆා' හෙවත් 'Indian International Film Awards' සිනමා සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර.

මාව සරාගී ලෙස සිප ගත්තේ ලංකාවේ ජැක්ලින් - ඉම්රාන් 

බොලිවුඩ් රිදී තිරයේ සරාගී මෙන්ම කාමය උපදවන චිත්‍රපටවල රගන ඉම්රාන් හෂ්මි  රූපවාහිනී වැඩසටහනකදී කරන් ජොහාර් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට වේගවත් උත්තර මෙන්ම ඒවා අලංකාරවත් ලෙස දෙනු ලැබුවා.

හොඳම පෙම් යුවල

හොඳ මිතුරන් දෙදෙනෙක් කාලයකට පසුව හමුවුණාම දැනෙන ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. ඒ වගේම රීදි තිරයේ පෙම්වතුන් කාලයකට පසුව හමුවීමත් ඒ වගේම ආදරණීයයි. පසුගිය දවසක ආදරණීය පෙම් යුවළක් මේ විදියට කාලයකට පසුව ආදරයෙන් හමු වුණා.

අමීර් ට නඩුවක් වැටෙයි ද?

රටක ජාතික සංකේත දේශපාලන හෝ වෙ‍ෙළඳ කටයුතු වලට යොදා ගනිමින් ඒවා අවභාවිතයේ යොදා ගැනීම වරදක්. එය අමුතු කාරණයක් නොවෙයි. කවුරුන් හෝ එවැන්නක් සිදුකළහොත් ඔහුට හෝ ඇයට නීතිය ඉදිරියේ දඬුවම් විඳින්නට සිදුවෙනවා.

සොනක්ෂි - රන්බීර් කපූර්ගේ නිදන කාමරයට ගිහින්

බොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සුරූපී නිළි සොනක්ෂි සිංහා ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

"සැර වැඩි" නිසා තහනමක්

සරාගී නිළි සනි ලියොන් නිසා මැවෙන ආන්දෝලනාත්මක පුවත් මේ දිනවල බහුලයි. ඒ ‍ෙහ්තුවෙන් ඇය වෙත මුළු ලෝකයේ ම අවධානය යොමුවීම නිසා ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා. ඇගේ රංගනය ඇතුළත් චිත්‍රපටවලට ද ලැබෙන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණයක්.

ජුහී සමඟ ශබානා කේන්තියෙන්

ජුහී සමඟ ශබානා කේන්තියෙන්ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව නම් අවිවාදිතයි. මේ දෙදෙනා රඟන අලුත් ම චිත්‍රපටය තමයි

ෂාරුක් හා ආමීර් නිසා සල්මන් twitter අඩවියෙන් සමුගනී

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඔහුගේ රසිකයන්ගේ ක්‍රියාකලාපය නිසා මේ දිනවල සිත් තැවුලෙන් පසුවන බව වාර්තා වනවා.

More News »

add_one